ලෝකයේම වීඩියෝ ක්‍රීඩා ලෝලීන් ඇඟිලි ගනිමින් බලා සිටි GTA 6 වැනි (Grand Theft Auto VI) ක්‍රීඩාව මේ වන විට කරළියට පැමිණ අවසන්ය. GTA VI මෙසේ එළිදැක්වීම සිදුවූයේ වසර 13 කට පසුව වීම විශේෂත්වයකි. මෙය PlayStation 5 සහ Xbox Series X|S යන්ත්‍ර සඳහා සකසා තිබේ.
GTA VI නිෂ්පාදනය සහ ප්‍රචාරණය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1ත් 2ත් අතර (රුපියල් කෝටි 30,000 කට අධික) දැවැන්ත මුදලක් වැය වී ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
මෙය නිර්මාණය කිරීම සඳහා Rockstar සමාගමේ නවතම RAGE 9 මෘදුකාංග එන්ජිම භාවිත කර ඇති අතර, සැබෑ ලෝකයේ මෙන් ආලෝකය පරාවර්තනය වන තථ්‍යකාලීන ආලෝකකරණය (Real-time Ray Tracing), සැබෑ මිනිසුන් මෙන් හැසිරෙන දියුණු කෘත්‍රිම බුද්ධිය (AI) සහ ජල තරංග, වාහන අනතුරු සහ කාලගුණික විපර්යාස අතිශය තාත්විකව පෙන්වන භෞතික විද්‍යාත්මක අනුකරණ (Physics Simulations) වැනි අති නවීන තාක්ෂණයන් රැසක් ඊට ඇතුළත් කර ඇත.
බොහෝ පිරිසක් එකවර GTA VI බාගත කිරීම (Download) නිසා ගෝලීය අන්තර්ජාල දත්ත ගමනාගමනයේ සියලු වාර්තා අලුත් වී තිබේ.
ගිගාබයිට් 212ක් තරම් දැවැන්ත ධාරිතාවකින් යුත් මෙම ක්‍රීඩාව නිකුත් වන දිනයේදීම බාධාවකින් තොරව ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි, කලින් ඇණවුම් කළ (Pre-order) පරිශීලකයන්ට සතියකට පෙර සිටම එය කලින් බාගත කර ගැනීමේ පහසුකම (Pre-load) සලසා දී තිබීම ද විශේෂත්වයකි.
මනීෂි මංජරී
BBC ඇසුරිනි

